අද(09) උදෑසන 7.45ට පමණ පිටකොටුව-ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.
අදාළ ස්ථානයේ වු පලතුරු කඩයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පලතුරු කඩයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
තුවාලකරු වයස අවුරුදු 40 ක් වු ක්‍රිෂ්ණපිල්ලේ තිරුබානන්දන් හෙවත් ක්‍රිෂ්ණා යන පුද්ගලයෙකු බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.
ඔහු කොළඹ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකු ද වන බව පැවසෙයි.
තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...