ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ පුළුල් සන්ධානයක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන බවත් එම පුළුල් වැඩපිළිවෙළ සහ සන්ධානය ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය කරන සාර්ථක වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කිරීමට එම විපක්ෂයේ වාමාංශික එකමුතුව සූදානම් බවත් වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. දැනට රටේ පවතින දේශපාලන තත්ත්වයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාව රටේ අගමැති කරනවාද නැද්ද යන්න
පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඉදිරියේදී තීරණයක් ගන්නට සිදුවන බවද නානායක්කාර මහතා පැවැසුවේය. මෙම වැඩපිළිවෙළේ ප්‍රථම කටයුත්ත වන්නේ වත්මන් සම්මුති ආණ්ඩුව බිඳ වැට්ටවීම වන අතර ඉන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළවැඩි බලයක් සාදා ගත යුතු වන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම වාමාංශික එකමුතුව සූදානම් බව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව වාසුදේව මහතාගෙන් විමසූ පැනයට පිළිතුරු ලෙස ඒ මහතා පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂය තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව කිසිදු තීරණයකට තවමත් එළැඹ නැති බවයි.
Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...