දේශීය පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ත් 325ත් අතර තක්සේරු වටිනාකමකට වසර 40ක් සඳහා ඉන්දියාවට බදුදීමට තීන්දුකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඉන්දියානු රජයේ නියෝජිතයන් පිරිසක් සමග මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද ඔහු කීවේය.

ඉන්දීය ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ගුවන් තොටු‍පොළ දියුණුකරන බව පැවැසූ අශෝක් අබේසිංහ මහතා ගුවන් තොටු‍පොළෙන් සියයට 70ක් ඉන්දියාවටත් සියයට 30ක් ශ්‍රී ලංකාවටත් ලැබෙන ලෙස අදාළ ගිවිසුම සකස් කරන බව කීවේය.

මත්තල ගුවන් තොටු‍පොළ බදුදීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අන්තර්ජාලයේ දැන්වීමක් පළ කර ඇති අතර එහිදී ඉන්දියාව හා චීනය ඒ සඳහා ඉල්ලුම්කර තිබේ. මෙහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කළේ ඉන්දියාව බවත් ඒ අනුව එරටට ගුවන් තොටු‍පොළ බදුදීමට තීරණය කළ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පැවැසීය.

මත්තල ගුවන් තොටු‍පොළේ තක්සේරු වටිනාකම පිළිබඳව ඉන්දියාව ප්‍රථමයෙන් අකමැති වී ඇති නමුත් පැවැති සාකච්ඡාවලදී ඔවුන් එම තක්සේරුවට මෙලෙස එකඟ වී තිබේ.

ඒ අනුව දෙරට අතර අදාළ ගිවිසුම අත්සන් කරන දිනයේ එම වටිනාකමෙන් සියයට දහයක මුදලක් ඉන්දියාව ලංකාවට ලබාදීමට නියමිතය. ඉතිරි මුදල ගුවන් තොටු‍පොළේ මෙහෙයුම් ආරම්භ කරන දිනයේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිතව ඇත.

මත්තල ගුවන් තොටු‍පොළ වර්තමානයේ මාසයකට රුපියල් ලක්ෂ 75ක ආදායමක් උපයන නමුත් ගුවන්තොටු‍පොළ සඳහා මාසයකට කෝටි 25ක් වියදම් වන බව අශෝක් අබේසිංහ මහතා පැවැසීය. මේ සඳහා වසරකට කෝටි 125ක ණය වාරිකයක්ද ගෙවීමට සිදුව ඇති බවත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ ආදායමෙන් වසර තුනහමාරක් එම ණය වාරික ගෙවූ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. තවදුරටත් මෙම පාඩුව දරාගත නොහැකි නිසා මත්තල ගුවන්තොටු‍පොළ මෙලෙස බදුදෙන බව ඔහු කීවේය.

මෙම ගුවන්තොටු‍පොළ බදුදීමේ අදාළ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More