සිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නබා කිෂෝර් දාස් නමැති 60 හැවිරිදි වියේ පසුවූ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වන අතර, ඔහු ඔඩීෂා ප්‍රාන්තයේ Jharsuguda දිස්ත්‍රික්කයේ Brajrajnagar නගරයේ පැවති උත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවකදී ඊයේ (29) මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ ආරක්ෂාවට සිටි සහකාර උප පොලිස් පරික්ෂකවරයෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
උත්සවය පැවති ස්ථානයේදී සිය මෝටර් රථයෙන් බසිනවාත් සමඟ ප්‍රාන්ත අමාත්‍යවරයා මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්ව ඇති බවත්, අමාත්‍යවරයා කඩිනමින් රෝහල්ගතකළද අධික රුධිර වහනය හේතුවෙන් මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
වෙඩි තැබීම සිදුකළ අදාළ සහකාර උප පොලිස් පරික්ෂකවරයා කලක පටන් මානසික ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිට ඇති බව සදහන් වන අතර, ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ අමාත්‍යවරයා සමග සහකාර උප පොලිස් පරික්ෂකවරයාට පෞද්ගලික අමනාපයක් හෝ නොතිබූ බවය.
වෙඩි තැබීම සිදුකළ ඊයේ උදෑසන සිය දියණිය සමඟ සහකාර උප පොලිස් පරික්ෂකවරයා වීඩියෝ ඇමතුමක් ලබාගත් බවද ඔහුගේ බිරිඳ එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
මේ අතර, ප්‍රාන්ත අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුඩයක් යොමුකරමින් සිය සංවේගය පළකර ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...