දේශීය පුවත්

නැවතත් කොටි සංවිධානය ඇති කළ යුතු යයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය විසින් උතුරු පළාත තුළ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයේදී නොකියවුනු දෙයක් ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

අද (08) මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් වූ දින සිට 2014 වසර දක්වාම කිසිදු ආකාරයක කරදරයක් උතුරේ නොතිබූ බව විජයකලා රාජ්‍ය ඇමතිවරිය නොකියූ කතාව බව රාජපක්‍ෂ මහතා සදහන් කරයි.ඉදිරියේදී ඇතිවන රජයකදී ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ව්‍යාපාරික වටිනාකමකින් යුතු වැදගත් ස්ථාන දෙකක් බවත් ඒ තුළින් එම ප්‍රදේශයම සංවර්ධනය කිරීමේ හැකියාව තිබූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

නමුත් එහි වටිනාකම නොදැන මේවා විදේශිකයන්ට පවරා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්-

2018.07.08 දින මාතර පැවති එළිය සම්මන්ත්‍රණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව

ජූලි මස 8 දින එලිය සම්මන්ත්‍රණ මාලාවේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය සදහා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂ මහතාගේ පුධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත් සභා හා ප්‍රාදේශිය සභා සභාපතිවරැන් මන්ත්‍රිවරුන් ඇතුලු විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.

Gepostet von GR Media am Sonntag, 8. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More