දේශීය පුවත්

එක්සත් ජනපදයේ පලවන  “ෆොරීන් එෆෙයාර්ස්” නම් බෙහෙවින් බලගතු විදේශ කටයුතු සම්බන්ධයෙන් වෙන් වී ඇති සඟරාවක්  ලිපියක් පලකරමින් , එක්සත් ජනපදය සතුව ඇති ඇති “සම්බාධක” නම් වොෂින්ටනයේ ගෝලීය අවි ගබඩාවේ රඳවා තබා ඇති  කාර්යක්ෂමව භාවිතා කළ හැකි “ආයුධය” ඉක්මනින් අහිමි කර ගන්නා ආකාරය පෙන්වා දෙයි .

අමෙරිකානු රාජ්‍යයේ විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන “ෆොරීන් එෆෙයාර්ස්” සඟරාව විදේශ කටයුතු ක්ෂේත්‍රයේ සහ එක්සත් ජනපද මිලිටරි කාර්මික සංකීර්ණයට අනුයුක්තව රාජකාරි වල නියැලෙන  නිලධාරීන් තමන්ට ඉතා වැදගත් යැයි ඔවුන් විශ්වාස කරන කාරණා සම්බන්ධයෙන් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට අවකාශය සපයන සඟරාවකි. එමනිසා, එම සඟරාව ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළහොත් ඒ කෙරෙහි ඔවුන්ගේ දැඩි අවධානය යොමුවේ.

සඟරාව මෑතකදී අමෙරිකා එක්සත් ජනපදය පැනවූ  සම්බාධක සම්බන්ධයෙන්  තක්සේරුව වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය. එම ත්ක්සේරු වාර්තාවට අනුව අමෙරිකාව පැනවූ සම්බාධක ඉතාමත් අකාර්යක්ෂම බව නිගමනය කර තිබුණි. අමෙරිකාව පැනවූ සම්බාධක මගින් බීජිං සහ මොස්කව් පරිපාලනය න් තම රටවල් මෙන්ම ඔවුන් සමඟ ගනු දෙනු කරණු ලබන වෙනත් රටවල් අමෙරිකානු දණ්ඩනීය ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම  සඳහා විකල්ප ගෝලීය මූල්‍ය ව්‍යුහයන් නිර්මාණය කිරීමට  පොළඹවා ඇත. ඒ අනුව වොෂින්ටනයට සහ වොෂින්ටනයේ අනුගාමිකයින්ට තවදුරටත් සම්බාධක දණ්ඩනයට වෙනත් රටවල් (විශේෂයෙන්ම පරිධියේ රටවල් )යටත් කිරීමට නොහැකි වනු ඇත. නුදුරු අනාගතයේ දීම සම්බාධක පැනවීම වැනි ක්‍රියාමාර්ග හරහා විරුද්ධ රාජ්‍ය විනාශ කිරීම පසෙක තබා වොෂිංටනයේ  අභිලාෂයන් පවත්වා ගැනීම සඳහා වෙනත් ක්‍රියා මාර්ග ගැනීමට සිදුවනු ඇත.

අදාල ලිපිය ආරම්භ වන්නේ ” දිගු කලක් තිස්සේ එක්සත් ජනපදය අනුග්‍රහය දක්වන සම්බාධක නම්වූ රාජ්‍ය තාන්ත්‍රික අවිය” යනුවෙන් පවසමිනි. ලිපිය තවදුරටත් විග්‍රහ කරන්නේ  ” පුරාජේරු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශ” සහ “මාරාන්තික මිලිටරි මැදිහත්වීම්” අතර හිස්බව සම්බාධක මගින් පුරවන බව සඳහන් කරමිනි. කෙසේ වුවද ලිපිය  පුරෝකථනය කරන්නේ “එක්සත් ජනපද සම්බාධකවල ස්වර්ණමය කාලය ඉක්මනින් අවසන් වනු ඇත” යනුවෙනි.

අමෙරිකානු සම්බාධක පැනවීමට හේතු

මෙම “ස්වර්ණමය කාලය ” යනු  පශ්චාත් සීතල යුද්ධයේ යුගය ආරම්භක වකවානුව වන අතර එම  කාලයේදී වොෂින්ටනය “අසමසම ආර්ථික බලවතා” විය. එම නිසා එක් බොත්තමක් එබීමෙන්  ඕනෑම විදේශීය ආර්ථිකයක් අඩපණ කළ හැකි යැයි න්‍යායාත්මකව පිළිගැනීමට ලක්ව තිබුණි.මෙතරම් හැකියාවක් අමෙරිකාව හිමි කර ගෙන තිබුණේ  එක්සත් ජනපද ඩොලරයට ලැබුණු ප්‍රමුඛත්වය සහ ගෝලීය මූල්‍ය පහසුකම් සපයන ආයතන වල අධීක්‍ෂණ කටයුතු වලට එක්සත් ජනපදයට ක්ෂණිකව ළඟා වීමට ඇති හැකියාව හේතුවෙනි.

ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු විශාල වශයෙන් ඩොලර් භාවිතයෙන් සිදු කෙරුණු බැවින්, වොෂින්ටනයට තමන් කැමති ඕනෑම අවස්ථාවක තමන්ට අභිමත  ඕනෑම භාණ්ඩයක්  ඕනෑම අවස්ථාවක ඕනෑම රටකට  අපනයනය හෝ ආනයනය  කිරීම නැවැත්විය හැකිවිය. එසේ වුවද, සම්බාධක පැනවීම ඕනෑවටත් වඩා ලිබරල් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එක්සත් ජනපද නායකයින්ම කනස්සල්ලට පත්ව සිටි බව ‘ෆොරීන් එෆෙයාර්ස්’ සඟරාව සිය ලිපියෙන්  සිහිපත් කර තිබුණි. ෆොරීන් එෆෙයාර්ස් සඟරාවේ එම ලිපියට අනුව 1998 දී එවකට අමෙරිකානු  ජනාධිපති බිල් ක්ලින්ටන් පවසා  ඇත්තේ  “අපගේ රජය අපට එකඟ නොවන සියල්ලන්ට එරෙහිව සම්බාධක පැනවීමේ දන්ඩනයට යටත් කිරීමට අපට අවශ්‍ය බව පෙනෙන්නට තිබීමේ අනතුරක” සිටින බවයි.

“ෆොරීන් එෆෙයාර්ස්” පල කල  ලිපිය පවසන්නේ ක්ලින්ටන්ගේ භීතිය “අතිශයින් උත්හර්ෂයට” පමුණුවා තිබුණු නමුත් ඔහුගේ අනාවැකිය හරියටම සිදු වූ බවයි.වෙනත් රටවල් සහ ආණ්ඩු අමෙරිකා එක්සත් ජනපදයේ අර්ථයෙන් වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම, එක්සත් ජනපදයේ පිටුබලය ලබන කුමන්ත්‍රණ සහ මිලිටරි මැදිහත්වීම් වලදී ආණ්ඩු පෙරලා දැමීම ව්‍යවර්ථ කිරීම සහ ඔවුන්ගේ දේශීය හෝ විදේශීය ගනුදෙනු වලදී කුමන හෝ මට්ටමේ ස්වාධීනත්වයක් පෙන්වීම අමෙරිකානු සම්බාධක පැනවීමට හේතු වී ඇත. මෙම ක්‍රියාවලියේදී මිලියන ගණනක් මිනිසුන් මිය ගොස් ඇති අතර ඊටත් වඩා වැඩි මිනිසුන් කොටසකගේ  ජීවිත කිසිදු සාධාරණ  හේතුවක් නොමැතිව විනාශ මුඛයට ඇද වට්ටවා  ඇත.

අමෙරිකාවේ සම්බාධක ප්‍රවේශය නරක ලෙස ආපිට හැරවී ඇති අතර  ඊට ප්‍රතිචාර වශයෙන්, බොහෝ රාජ්‍යයන් අමෙරිකාවේ සම්බාධක පැනවීමේ පියවරයන්ට එරෙහිව තම ආර්ථික මෙහෙයුම් දැඩි කිරීමට පටන් ගෙන ඇත. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය ‘ SWIFT ‘ ගෝලීය බැංකු පද්ධතියෙන් ඉරානය ඉවත් කිරීමෙන් පසුව, බොහෝ රටවල් අමෙරිකාව ඉරානයට ඉගැන්වූ එම පාඩම සැලකිල්ලට ගත්හ. නව සීතල යුද්ධයේ අංගයක් ලෙස චීනයට නොයෙකුත් තාක්ෂණයන් වෙත ප්‍රවේශය අමෙරිකාව සීමා කිරීම, වොෂින්ටනයේ මිත්‍ර පාක්ෂිකයින් සහ විරුද්ධවාදීන් යන දෙඅංශයෙන්ම ” තීරණාත්මක තාක්‍ෂණ මෙවෙලමට අමෙරිකාවේ ප්‍රවේශය කපා හැරිය හැකි බව අවබෝධ කර ගැනීමට ” උදව් කර ඇත.

දේශීය මුදල්  ඒකක වලින් ගෙවීම් කිරීම

බීජිං සහ මොස්කව් පරිපාලනයන් “එක්සත් ජනපදයට මෙතෙක් තිබූ වාසිය හීන කරන මූල්‍ය නවෝත්පාදන” නිර්මානය කිරීමේ මෙහෙයුමෙහි පෙරමුණ ගෙන, ඕනෑම “ලැබිය හැකි දඬුවම්” වලට එරෙහිව “පූර්වගාමී පියවර” ලෙස සැලකිය හැකි “මුදල් හුවමාරු ගිවිසුම්, ‘SWIFT’ සඳහා විකල්ප, සහ ‘ඩිජිටල් මුදල්” පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.

ලෝකයේ රාජ්‍යන්වල මහ බැංකු සෘජුවම එකිනෙකට සම්බන්ධ කරන සහ ඒවා අතර ඩොලරයේ පිටුබලය සහිත වෙළඳාමේ අවශ්‍යතාවය ඉවත් කරන මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේද චීනය විසින් ඉතා උනන්දුවෙන් වැළඳගෙන ඇත. චීනය මේ වන විට  ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන් කර ඇති අතර එමඟින් චීන  සමාගම්වලට “එක්සත් ජනපද මූල්‍ය නාලිකාවලට අවශ්‍ය විටෙක මග හැරීමට” අවස්ථාව ලැබේ.

2020 වර්ෂයේ දී පමණක් බීජිං මොස්කව් සමඟ වාර්ෂික වෙළඳාමෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඩොලරය හැර වෙනත් මුදල් ඒකක වලින් පියවා ගත් අතර, මෙම ගනුදෙනුවලින් බහුතරයක් එක්සත් ජනපද සම්බාධකවලින් සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිකරණය කර ඇති අතර, එතැන් සිට ඔවුන් අතර වාර්ෂික වෙළෙඳාම් වල අගය නිති පතා ඉහළ ගොස් තිබේ. එම වසරේ මාර්තු මාසයේදී ද චීනය සහ රුසියාව ප්‍රමුඛ ෂැංහයි සහයෝගිතා සංවිධානය එහි සාමාජිකයින් භාවිත කරන දේශීය මුදල්  ඒකක වලින් ගෙවීම් කිරීම  සංවර්ධනය කිරීමට නිල වශයෙන් ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කළේය.

බීජිං සහ මොස්කව් පරිපාලනයද, බටහිර ආධිපත්‍යය දරන  විවිධ ජාත්‍යන්තර පද්ධති සඳහා “යුහුසුළුව තමන්ගේම විකල්ප සූදානම් කරමින්” සිටින බව ‘ෆොරීන් එෆෙයාර්ස්’ සඟරාව සිය ලිපියෙන් පෙන්වා දෙයි. ‘SWIFT’ ක්‍රමවේදය  සඳහා ඔවුන්ගේ විකල්පය ලෙස ගොඩ නගාගත්   ‘Cross-Border Interbank Payment System’ ක්‍රමවේදය දෙරට අතර සිදුවන ගනුදෙනු පරිමාවට සාපේක්ෂව  තවමත් නොගැලපීම් සිදුවන නමුත් එය මූලික කාරණයක් බවට පත්වී නැත. ‘ Cross-Border Interbank Payment System ‘රාමුව තුළ දැනටමත් රටවල් 100 කට අධික සංඛ්‍යාවක බැංකු 1,300 ක් ලියාපදිංචි වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු කිරීමට නොහැකි ලෙස එම රටවල් ‘SWIFT’  වෙතින් කපා පලවා හැරියහොත් ආරක්ෂණයක් ලැබී තිබේ.

පොලොං විසෙන් ගැරඬි විසට මාරු වීම

ඒ හා සමානව, චීනයේ බීජිං මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මුදල් ඒකකය වන “ඩිජිටල් රෙන්මින්බි”, දේශීය හා විදේශීය වශයෙන් ව්‍යාප්ත කරමින් සිටී. චීන පුරවැසියන්ගෙන් මිලියන 300කට වැඩි පිරිසක් දැනටමත් එය භාවිතා කරන අතර 2030 වන විට එම ප්‍රමානය බිලියනයකට වඩා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එක්සත් ජනපදයට එහි භාවිතය වැළැක්වීමට හැකියාවක් නොමැති බැවින් මුදල් සම්පූර්‍ණයෙන්ම අමෙරිකානු සම්බාධක වලින් ප්‍රතිශක්තිකරණය ලබා ඇති බවට වන පභල සාක්‍ෂිය වේ. එලෙසම  බෙයිජිං පරිපාලනය වෙනත් රටවල් චීනය වෙත කරනු ලබන තම තමන්ගේ  අපනයන සඳහා පමණක් ගෙවීම් කිරීමට රටවල් කිහිපයක් දැනටමත් දිරිමත් කර ඇත. එය භාවිතා කිරීම , “වෙනත් එවැනි ගනුදෙනු කරන රටවල් බොහෝ විට අනුගමනය කරනු ඇත,”  ෆොරීන් එෆෙයාර්ස් පුරෝකථනය කරයි.

සම්බාධක මත ඇමරිකානු අධිරාජ්‍යයේ උමතු විශ්වාසය දැන් සඟරාවේ ගණන් බැලීම අනුව ඇමෙරිකාවට   ‘ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් අඹු නසී’ තත්වයක් උදා කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව අතර දැනටමත් සතුරු සබඳතා නිසා මොස්කව් සහ බීජිනය ගන්නා  මෙම විප්ලවවාදී උත්සාහය කුමන තත්වයේ වුවත් ඉදිරියට තල්ලු වෙමින් පවතී. “තත්වයන් නරක අතට හැරේ නම්,” අමෙරිකාව හුදෙක් “අමෙරිකානු සම්බාධක  තීවර කිරීමේ උත්සාහයන් දෙගුණ කරයි,” තව තවත් රටවල් චීන රුසියානු සමූහය  සමඟ  එකතු වනු ඇත.

“මෙම නවෝත්පාදනයන් මගින් සම්බාධක-ප්‍රතිරෝධී මාර්ග හරහා ගනුදෙනු කිරීමේ හැකියාව වැඩි වැඩියෙන් රටවලට ලබා දෙයි. මෙම ප්‍රවණතාවය ආපසු හැරවිය නොහැකි බව පෙනේ.” යනුවෙන් පවසමින් ‘ෆොරීන් එෆෙයාර්ස්’ සඟරාවේ පලවූ ලිපිය කටුක ලෙස අවසන් කරයි. “මේ සියල්ලෙන් අදහස් කරන්නේ දශකයක් ඇතුළත එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වික සම්බාධකවල සැර පොලොං විසෙන් ගැරඬි විසට මාරු වනු නියත බවයි.”

රුසියාව සම්බන්ධයෙන් ගත් කළ රුසියානු ආර්ථිකයේ සිදුවූ මෙම සියලු වර්ධනයන් 2014 යුක්රේන කුමන්ත‍්‍රණයෙන් පසු මොස්කව් පරිපාලනය නැගෙනහිර දෙසට තම  ආර්ථික කටයුතු දිශානති කිරීම නිසා සිදු විය. එලෙසම  රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් රටක් ලෙස  අපහසුතාවයට පත්වීමට හේතු වන බලශක්ති සහ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සම්පත් වලින් ස්වයංපෝෂිත භාවය කරා ගමන් කිරීමට අදාල උපාය උපක්‍රම තේරීමත් මීට සමාන්තරව සිදුවිය.

ක්‍රෙම්ලිනය වෙත පණිවිඩයක්

අමෙරිකා එකසත් ජනපදය මෙලෙස සම්බාධක පැනවූ විට බටහිර නායකයින්, විද්වතුන්, මාධ්‍යවේදීන්, දැන උගතුන්  සහ ආර්ථික විද්‍යාඥයින් කැට තියා පැවසූවේ රුසියාව දේශපාලන, ආර්ථික හා මිලිටරි කඩාවැටීමට ඉක්මනින්ම ගෙන යාමට අමෙරිකානු සම්බාධක හේතු වනු ඇති ඇති බවයි. යුරෝපයේ සහ ඇමරිකාවේ ප්‍රභූන් තමන් පාලනය කරනවා යැයි පවසන  ගෝලීය ආර්ථිකය තමන්ට නොතේරෙන බව ලෝකයට විශද කරමින් ඔවුන් එලෙස විග්‍රහ කර ඇත.එම පුද්ගලයන් කෙටි කාලීනව තමන් ජීවත් වන වට පිටාවේ තිබෙන නව යථාර්ථය ග්‍රහණය කර ගැනීමට සමත් විය යුතුය – මක්නිසාද යත් – 2022 දී බහු ධ්‍රැවීය ලෝකයක් මතු වීමට ආරම්භ වූ අතර එය දිනෙන් දින ස්ථාපිත වන බව බැලූ බැල්මට පෙනී යන බැවිනි.

එක්සත් ජනපද ප්‍රභූන් ඔවුන්ට දැන් ක්‍රියාත්මක වීමට බල කර ඇති රැඩිකල් ලෙස වෙනස් වන යථාර්ථය සමඟ කෙතරම් වේගයෙන් අනුගතවේද යන්න උත්ප්‍රාසාත්මක ලෙස අවධාරණය කරන්නේ ෆොරීන් එෆෙයාර්ස් සඟරාවේ පලවූ ලිපියේ කතුවරිය වන අගතෙ ඩෙමරයිස්  සම්බාධක විෂයය සම්බන්ධයෙන් සිය ස්වරය කෙතරම් ඉක්මනින් වෙනස් කර ඇති බව විශද කිරීම මගිනි.පසුගිය දෙසැම්බර් 1 වැනිදා,එනම් මාසයකටත් අඩු කාලයකට පෙර, ඇය විදෙස් කටයුතු සම්බන්ධයෙන් ලිපි සම්පාදනය කරන අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යයේ තවත් අභ්‍යන්තර සඟරාවක් වෙත ලිපියක් සම්පාදනය කරමින්  මෙම කාරණය සම්බන්ධයෙන් හාත් පසින්ම වෙනස්  අදහසක් ඉදිරිපත් කළේය.

“රුසියාවට සම්බාධක ක්‍රියාත්මක වේ” යන සිරස්තලයේ යොදා ලියූ ලිපියක් මගින් , ඩෙමරයිස් දණ්ඩනීය බටහිර ක්‍රියාමාර්ග “පුටින්ට පසුබසින්නට සහ යුක්‍රේනයෙන් ඉවත් වීමට බල කිරීමට” හෝ මොස්කව්හි “පාලන තන්ත්‍ර වෙනසක්” අවුලුවාලීමට අදහස් කරන ලද යෝජනා නිර්භීතව ප්‍රතික්ෂේප කළේය. ඇය එවැනි දැඩි තීරණයක එල්බ සිටියේ එකල බටහිර නිලධාරීන්, විද්වතුන් සහ මාධ්‍යවේදීන් රුසියානු ආර්ථිකයේ වෙනිසියුලා පන්නයේ බිඳවැටීමක්,සම්බාධක වලින් ඇතිවන  සෑම ප්‍රතිඵලයක්ම, පෙලඹවීමේ සාධකයක් ලෙස පැහැදිලිව සඳහන් කර තිබියදීය.

විද්වතුන්ගේ අදහස් වලට පටහැනිව  , ඇය තර්ක කළේ, “යුරෝපය සහ එක්සත් ජනපදය යුක්රේනය සමඟ සිටගෙන සිටින” බවට “ක්‍රෙම්ලිනය වෙත පණිවිඩයක් යැවීම”  සම්බාධක වලට වඩා ඵලදායී බවය.

කියෙව් පරිපාලනය නියමිත වේලාවට එහි බටහිර ආධාරකරුවන් විසින් බස් රථයකට යට කරනු ලැබුවද, යුද්ධය අවසන් වූ පසු රුසියානු විරෝධී ක්‍රියාමාර්ග පවතිනු ඇත්ද යන්න එතරම් වැදගත් නොවන බව පෙනේ – මක්නිසාද යත්, ඩෙමාරයිස් මහත්මියටම සති හතරකට අඩු කාලයකට පසු සම්බාධක ඵල රහිත බව පිළිගැනීමට බල කෙරුණු බැවිනි. සම්බාධකවල ඵලදායීතාවය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. අගතෙ ඩෙමරයිස් වැන්නියන්ගේ අදහස් වෙනස් වීමේ  සීඝ්‍රතාවය බහු ධ්‍රැවීය ලෝකය කෙතරම් අනපේක්ෂිත කෙටි කාලයකදී පැමිණෙන්නේද යන්න පිළිබඳ කරනු ලබන  ඇඟවීමක් ලෙස ගත හැකිය.

ජීවන්ත ජයතිස්ස

(Felix Livshitz නම් දේශපාලන විචාරකයා විසින් www.rt.com වෙබ් අඩවියට සැපයූ  “Goodbye empire? US sanctions are failing in the face of multipolarity” ලිපිය ඇසුරින් සැකසුනි.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More