අද(08) රාත්‍රී 8.15 ට පමණ කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් මෙලෙස ඇතුළත් කළ තුවාල ලැබූවන් අතරින් වයස අවුරුදු 58 ක් වු සෙල්වයියා සෙල්වරාජ් යන පුද්ගලයා හා වයස අවුරුදු 50 ක් වු එලිසබට් පෙරේරා යන කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ අනෙක් පිරිමි පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
වෙරළබඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...