දේශීය පුවත්

ඊයේ(26) උදෑසන යුක්රේනය විශාල රුසියානු ගුවන් ප්‍රහාර රැල්ලකට මුහුණ දීමට සිදු විය. ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේනයේ විවිධ ප්‍රදේශවල පිහිටි බලශක්ති පහසුකම්වල පිපිරීම් රැසැක් වාර්තා විය.

“කියෙව්හි පිපිරීමක්. නිවෙස් වලටම වී ඉන්න,” නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ටෙලිග්‍රාම් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

කියෙව් නගරයේ එතරම් ප්‍රසිද්ධියක් නොවුසුලන ස්ථානයක සිට ඝන කළු දුමාරයක් නැඟෙන අයුරු සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශනවලින් තහවුරු වේ. ගුවන් ප්‍රහාර හේතුවෙන් කියෙව් මෙට්‍රෝව සිය මෙහෙයුම් නතර කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ගුවන් ප්‍රහාර සම්බන්ධ ප්‍රවෘත්ති ප්‍රචාරය වීමට පටන් ගැනීමත් සමඟම දුම්රිය ගමන්වාර වල ප්‍රමාදයක් සිදු වන බව යුක්රේන දුම්රිය සේවය ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

අවම වශයෙන් විදුලි උපපොළ දෙකකට හෝ පහර එල්ල වී ඇති බව පැවසෙන අතර ඔඩෙස්සාහි කළු මුහුදේ වරායෙන් ද පිපිරීම් වාර්තා විය. සමාජ මාධ්‍ය ගිණුම් වලට අනුව, නගරයේ විදුලිය ඇනහිටීමක් සහ අන්තර්ජාල ප්‍රවේශ වීමටද ගැටළු ඇති වී තිබේ.
යුක්‍රේනයේ ඩෙනිපර් ,වින්නිට්ස, ක්‍රිවොය් රොග්,නිකොලෙව් සහ තවත් ස්ථාන කිහිපයකින් ද පිපිරීම් වාර්තා විය.

යුක්රේන බලධාරීන් පැවසුවේ කියෙව්, විනිට්සා සහ ෂයිටොමීර් ප්‍රදේශවල ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බවයි.

යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ පැවසුවේ රුසියානු මිසයිල කැස්පියන් මුහුද දෙසින් පැමිණෙන බව අනාවරණය කළේය.

මොස්කව් පරිපාලනය ,කියෙව් “ත්‍රස්තවාදී උපක්‍රම” භාවිතා කරන බවට සහ මූලෝපායික ක්‍රිමියානු පාලම ඇතුළු රුසියානු යටිතල ව්‍යුහය ඉලක්ක කරන බවට චෝදනා කිරීමෙන් පසු, මොස්කව් හමුදා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට යුක්රේනය මත එල්ල කරන පීඩනය තීව්‍ර කර ඇත. එතැන් සිට, යුක්රේන හමුදා කණ්ඩායම් ස්ථානගත කර ඇති ස්ථාන සහ බලශක්ති පහසුකම් ඉලක්ක කර මහා පරිමාණ මිසයිල ප්‍රහාර ගණනාවක් සිදු කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනය පුරා විදුලිය ඇනහිටීම් වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More