අනුරාධපුර දීපානි විද්‍යාලය අසලදී සන්නද්ධ කණ්ඩායමක් විසින් සුජීව ප්‍රසන්න නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සිද්ධියේ ප්‍රධාන සැකකරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මාම්පටිදේවහේලාගේ චමින්ද පුෂ්පකුමාර නොහොත් පුල්ලයාර් චමින්ද යන නාමයෙන් හඳුන්වන ලබන වයස අවුරුදු 37 ක් වු මෙම ප්‍රධාන සැකකරු හා හේවාපන්නගේ නාලක සුමේධ විජේසිරි වු වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු මෙලෙස නොච්චියාගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී අනුරාධපුර පොලිස් ස්ථානයේ පිරිසක් ගොස් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අද(08) උදෑසන 10ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවු බව ද පොලීසිය සඳහන් කරයි.
අනුරාධපුර වන්නියම්කුලම් ප්‍රදේශයේ පදිංචි සුජීව ප්‍රසන්න කුමාර හෙට්ටිආරච්ච් නැමති පුද්ගලයෙකු පසුගිය 06 වන දා දහවල් කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...