යුක්රේනයේ පවතින ගැටුම නිසා මේ වසරේ යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මන් ආර්ථිඅකයට යුරෝ බිලියන 175ක් හෙවත් ඩොලර් බිලියන 190ක් අහිමි වී ඇතැයි පැවසේ. එම පාඩුව එක් වැසියෙකුට යුරෝ 2,000කට සමාන වී ඇතැයිද පැවසේ. ජර්මානු ආර්ථික විද්‍යා ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් ඩොයිෂ් වෙලේ මාධ්‍ය ආයතනය ඊයේ (23) මේ බව වාර්තා කළේය.
අධ්‍යයනයේ කතුවරුන් ජර්මනිය මුහුණ දෙන වත්මන් තත්ත්වය යුක්රේනයේ සිදුවන හමුදා මෙහෙයුම් හේතුවෙන් පැන නගින ගැටළු අහස උසට නැඟුණු බලශක්ති මිල, සර්පිලාකාර උද්ධමනය සහ සැපයුම් කඩාකප්පල් කිරීම් වැනි සිද්ධීන් වලට ඌනනය කිරීමට වග බලාගෙන ඇත. යුක්රේනයේ ගැටුමෙන් ජර්මානු ආර්ථිකයට සිදුවන සැබෑ පාඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් තරම් ඉහළ අගයක් ගනු ඇතැයි ඔවුහු ගණන් බැලූහ.බලා ඇත
යුක්රේනයේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් ජර්මනියේ දැනටමත් දුෂ්කර ආර්ථික තත්වයක් සමඟ සමපාත වූ බව අධ්‍යනය වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සුදුසුකම් ලත් පිරිස් නොමැතිකම සහ ප්‍රමාණවත් ඵලදායිතා වර්ධනයක් නොමැතිකම හේතුවෙන් ජර්මනියේ පැවැත්මට තර්ජනයක් වන බවට එරට ෆෙඩරල් සංවර්ධන බැංකුව දැනටමත් අනතුරු අඟවා ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.
2020 දී ජර්මනිය යුරෝ බිලියන 175 ක පමණ අලාභයක් ද, 2021 දී තවත් යුරෝ බිලියන 125 ක් ද, 2022 දී යුරෝ බිලියන 120 කට ආසන්න අලාභයක් ද වාර්තා කළේය. මේ වසරේ අපේක්ෂිත යුරෝ බිලියන 175ක පාඩුවට අමතරව 2020 සහ 2023 අතර කෝවිඩ් 19 වෛරස වසංගතය සහ යුක්රේනයේ ගැටුම හේතුවෙන් ඇතිවූ පාඩුව වන තවත් යුරෝ බිලියන 595 දක්වා අගයක් එකතු වීමට නියමිත බව වාර්තාව පවසයි.
ජර්මානු ආර්ථික ආයතනයේ මහාචාර්ය මයිකල් ග්‍රොම්ලින්ග් පවසන පරිදි, ඉදිරි මාසවලදී ආර්ථිකය සමඟ තත්වය “අතිශයින්ම අස්ථායී” ලෙස පවතිනු ඇති අතර, ජර්මනියේ ආර්ථිකය වර්ධනය වීමට බාධාවක් වනු ඇත. බලශක්ති ක්ෂේත්‍රයේ අවිනිශ්චිතභාවය, බලශක්තිය සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ ඒ ආශ්‍රිත ආයෝජන සීමා කිරීම තවදුරටත් රටේ ආර්ථිකයට හිසරදයක් ඇති කරන බව ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...