දේශීය පුවත්

යුක්රේනයේ වත්මන් තත්වය විශ්ලේෂනය කිරීමෙන් පෙනී යන්නේ රුසියාව සහ බටහිර ජාතීන් අතර ගැටුම තවදුරටත් “දෙමුහුන් යුද්ධයක්” ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් ඒ වෙනුවට සැබෑ යුද ගැටුමක් දක්වා වර්ධනය වෙමින් වෙමින් පවතින බවත් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අද (23) පැවසීය.

රුසියාවේ දකුණු අප්‍රිකානු සගයා වන නලෙදි පැන්ඩොර් සමඟ පැවති හමුවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලැව්රොව් මෙසේ අදහස් දැක්වීය.මෙම යුද්ධය බටහිර රටවල් “රුසියාවට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් වෙමින් සිටි” යුද්දයක් බව ද ඒ මහතා අවධාරණය කළේය. බටහිර බලවේග යුක්රේනයේ සියවස් ගණනාවක් තිස්සේ පැවති රුසියානු භාෂාවේ සිට සංස්කෘතිය දක්වා සියල්ල විනාශ කිරීමට උත්සාහ කරන බවත් සාමාන්‍ය ජනයාට ඔවුන්ගේ මව් භාෂාව කතා කිරීම පවා තහනම් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර ඉදිරි සති කිහිපය තුළ තීව්ර වන රුසියානු -යුක්‍රේන ගැටුමේ දී යුක්රේනය “අසාර්ථක” නොකිරීමට වග බලා ගත යුතු බව බව යුරෝපා සංගමයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේය.

පනවන සම්බාධක සමඟින් යුරෝපා සංගමය “ක්‍රෙම්ලිනය මත පීඩනය තර කරමින්” මිලිටරි ආධාර ලබා දෙනු ඇතැයි කියෙව් පාලනය අපේක්ෂා කරන බව චාල්ස් මයිකල්  යුක්රේනයේ සංචාරයකින් පසු ආපසු පැමිණීමෙන් පසු ස්පාඤ්ඤ පුවත්පත වන එල් මුන්ඩෝ වෙත අදහස් දක්වමින් පැවසීය. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව අද (23) එල් මුන්ඩෝ පුවත් පත ප්‍රකාශයට පත් කරන ලද්දේය.
“එළඹෙන සති දෙක තුන ඉතාමත් තීරණාත්මකයි,” මයිකල් පැවසීය. “2023 වර්ෂයේදී සිදුවන්නේ කුමක්ද යන්න සහ එයින් බොහෝමයක් තීරණාත්මක සිදුවීම් ඉදිරි සති දෙක තුන මත රඳා පවතීනවා. යුරෝපා සංගමයේ අනාගතය එම සති දෙක තුන තුල නිර්වචනය කරනු ඇති. අපි යුක්රේනය සමඟ එක පෙළට සිටගෙන ඔවුන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දිය යුතුයි. අපට ඔවුන්ව පරාජය වනවා බලා සිටිය නොහැක. ”

කියෙව් පාලනයට අවශ්‍යදේම කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට විටෙක දුෂ්කර වූ බව ඔහු පිළිගත්තේය. සම්බාධක සඳහා එකඟ වීම අභියෝගයක් වී ඇති අතර, යුක්රේනයට ප්‍රධාන යුද ටැංකි යැවීමේ අදහස සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජිකයින් දැන් අවුල් ජාලයක පැටලී සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More