සත්කාරක රුසියාව පරාජය කරමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසිමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය. ඒ දඬුවම් පහර වටයෙන් ගෝල 4-3ක ජයක් වාර්තා කරමනි.
මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්‍රේළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අවසන් අට දෙනාගෙන වටයට පිවිසීමට සමත්වූයේය.
ක්‍රොඒෂියාව හා පැවැති තරගයද දැඩි තරගකාරි මුහුණුවරක් ගත්තේය.තරගයේ 31 වැනි විනාඩියේදී රුසියාවේ චෙරිෂෙව් වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගත්තේය. කෙසේ වෙතත්ක්‍රොඒෂියාවේ ක්‍රාමරික් 39 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය.
ඉන් අතුරුව තරගයේ 100 වැනි විනාඩියේදී ක්‍රොඒෂියාවේ විඩා ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත්තත් ෆිගියුයිරා 115 වැනි විනාඩියේදි රුසියාවට ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය.
ඉන් අනතුරුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට ගිය දඬුවම් පහර වටයේදී ක්‍රොඒෂියාව අවස්ථා 4ක් සාර්ථක කර ගනිද්දී රුසියාවට සාර්ථක කර ගැනීමට හැකිවූයේ අවස්ථා තුනක් පමණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...