දේශීය පුවත්

මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සහ ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරෙන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසයි.

කළු ගඟ ජලාශය මොරගහකන්ද ජලාශය මෙන්ම ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා 06 දින දවස පුරා ම මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු එහි පැමිණියහ.

රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මහවැලි නිලධාරීන් මුලින්ම මොරගහකන්ද ජලාශයෙන් උතුරු මැද පළාත හා උතුරු පළාතට ජලය රැගෙන යෑම සඳහා කඩිනමින් ඉදිවෙමින් පවතින ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස කඩිනමින් මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට උපදෙස් ලබාදීම මෙන්ම දැනට පවතින ගැටලු සහගත ස්ථාන පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවිය.

පසුව රාඡ්‍ය අමාත්‍යය වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිස කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණයට එක් වූ අතර එහිදී ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කළු ගඟ හරස් කොට කළු ගඟ ජලාශය වතුර පිරවීම සිදුකරන සොරොව් ස්ථානය සහ ඉදිකිරීම් භූමිය නිරීක්ෂණය කළහ.

මෙහිදී මාධ්‍ය ඇමතූ වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මොරගහකන්ද ජලාශයේ සහ කළු ගඟ ජලාශයේ සඳහා ඉඩම් අහිමි වූවන් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ජනතාව නැවත පදිංචි කිරීම් මෙන්ම නව නගර ඉදි කිරීම් ආදී කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවය. එමෙන්ම දැනට පවතින යම් යම් ගැටළු සහගත ස්ථාන කඩිනමින් විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More