දේශීය පුවත්

යුරෝපා සංගමයේ මගී මෝටර් රථ වෙළඳපොල පසුගිය වසරේදී 4.6% කින් හැකිලීම හේතුවෙන් මගී කාර් රථ නිෂ්පාදනය ඒකක මිලියන 9.3 දක්වා අඩු වූ අතර එය 1993 වර්ෂයේ සිට කලාපයේ අඩුම නිෂ්පාදන මට්ටම වන බව යුරෝපා මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා අනාවරණය කළේය.

ඔවුන්ගේ වාර්තාව වලට අනුව,මගී කාර් රථ නිෂ්පාදනය පසුබෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වසරේ මුල් භාගයේ අමතර කොටස් වල හිඟවීමෙන් සිදුවූ බලපෑමයි. කෙසේ වෙතත්,මගී කාර් රථ වෙළඳපල අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුල තරමක් වැඩිදියුණු වූ අතර, වසරේ අවසාන මාසය තුළ නව මෝටර් රථ ලියාපදිංචිය 12.8% කින් ඉහළ ගොස් තිබුණි.
සමස්තයක් වශයෙන්, 2022 දී යුරෝපා සංගමයේ විශාලතම වෙලඳපොලවල් හතර අතර වර්ධනයක් (+1.1%) වාර්තා කිරීමට ජර්මනියට පමණක් හැකි විය. කෙසේ වුවද සංගමයේ අනෙකුත් වෙලඳපොලවල් තුනම 2021 ට වඩා නරක තත්වයක් වාර්තා කළ අතර, ඉතාලි වෙළෙඳ පොළ තුල වැඩිම පහත වැටීම (-9.7%) දක්නට ලැබුණු අතර ඉන් පසුව ප්‍රංශ වෙළෙඳ පොළ (-7.8%) සහ ස්පාඤ්ඤ වෙළෙඳ පොළ (-5.4%) තුල දක්නට ලැබුණි.

සංඛ්‍යා ලේඛන දත්ත පෙන්වා දෙන පරිදි යුරෝපා සංගමයේ රටවල ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව (සංඛ්‍යාලේඛන නොමැති කමින් අත හැර දැමූ මෝල්ටාව හැර) පසුගිය දෙසැම්බර් මාසයේ 896,000 කට වඩා වැඩි විය. එම තත්වය මීට වසර වසරකට පෙර 795,000 ට වඩා වැඩි අගයක් ගත්තේය.

යුරෝපීය සංගමයේ වොක්ස්වැගන් මෝටර් රථ වාහන නිෂ්පාදන සමූහයේ ( ස්කොඩා, අවුඩි,සීට්, පොර්ශේ සහ වෙනත් රථ වාහන ඇතුළුව) මෝටර් රථ අලෙවිය පසුගිය වසරේ 5.2% කින් අඩු වී ඇති බව යුරෝපා මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.  ස්ටෙලන්ටිස් මෝටර් රථ වහාන නිෂ්පාදන සමූහයේ විකුණුම් 14.1% කින් අඩු වූ අතර රෙනෝල්ට් සමූහයේ විකුණුම් 4.3% කින් සහ BMW විකුණුම් 5.1% කින් පහත වැටුණි. මර්සිඩීස් බෙන්ස් නිෂපාදන වල විකුණුම් 2021 දී ඒකක 549,023 ට සමාන මට්ටමක පැවතුනි.

මේ අතර, දකුණු කොරියානු හයුන්ඩායි (කියා ඇතුළුව) මෝටර් රථ යුරෝපා සංගමය තුල අලෙවිය 2.6% කින්ද, ජපන් ටොයෝටා සහ හොන්ඩා අලෙවිය පිළිවෙලින් 7.7% සහ 4.4% කින් වර්ධනය විය. ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ෆෝඩ් සමාගමෙහි මෝටර් රථ විකුණුම් 2.3% කින් අඩු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More