රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ අල්ලා ගන්න ලද භූමියෙන් පලවා හැරීමට යුක්රේනය හමුදා ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට තමන්ද අරගල කරන බව එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මිලී පසුගිය 20 වනදා ප්‍රකාශ කළේය.එහෙත් වොෂින්ටන් පරිපාලනයේ සිවිල් නිලධාරීන් අවධාරණය කළේ කියෙව් හමුදාව දිගටම සටන් කළ යුතු බවයි. කෙසේ වුවද මාර්ක් මිලී නැවත නැවතත් යුද්ධයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවද වාර්තාවේ.
මෙලෙස මාක් මිලී අදහ්ස් දක්වා ඇත්තේ ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් කඳවුරේ එක්සත් ජනපදය ප්‍රමුඛ ආරක්ෂක සම්බන්ධතා කණ්ඩායමේ රැස්වීමකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් “ජනාධිපති බිඩෙන්, ජනාධිපති සෙලෙන්ස්කි සහ යුරෝපයේ බොහෝ නායකයින් පවසා ඇත්තේ මෙම යුද්ධය සාකච්ඡාවකින් අවසන් විය හැකි බවයි. මිලිටරි ආස්ථානයෙන්, මෙය ඉතා දුෂ්කර සටනක්,” යැයි මිලී පැවසීය.
එක්සත් ජනපදය පමණක් පසුගිය පෙබරවාරි මාසයේ සිට කියෙව් වෙත ඩොලර් බිලියන 110 කට වඩා මිලිටරි සහ ආර්ථික ආධාර වෙන් කර තිබේ. එම ආධාර වලින් යුක්රේන හමුදා වලට අවශ්‍ය පාබල සටන් වාහන, ගුවන් නාශක පද්ධති සහ කාලතුවක්කු උණ්ඩ මිලියනයකට වඩා ඇතුළුව බර ආයුධ සපයා තිබේ.
යුක්රේනයේ නේටෝ පුහුණු ලත් භට පිරිස් බටහිර සැලසුම් කරන ලද ප්‍රධාන යුධ ටැංකි ලබා ගැනීමේ අභිප්‍රාය මත පෙනී සිටියද, රුසියානු හමුදා මෑත සතිවල කියෙව් හමුදාවට දරුණු පරාජයන් මාලාවක් අත්පත් කර දී තිබේ. මූලෝපායික වශයෙන් වැදගත් ඩොන්බාස් හි සොලෙඩර් සහ ක්ලෙස්චීව්කා ජනාවාස දෙකම මොස්කව් හමුදා අතට පත්ව ඇති අතර, අර්ට්යොමොව්ස්ක් හි ප්‍රධාන නගරය මේ වන විට රුසියානු හමුදා වටලා තිබේ.
යුක්රේනයට ආයුධ සපයන බටහිර ජාතීන් ඔවුන්ගේ සැපයීම් දෙගුණ කිරීමට අවශ්‍ය වන්නේ යුක්‍රේනය පැවතීමේ හෝ බිඳී වැටීමේ තීරණාත්මක මොහොතකට මුහුණ දී සිටින නිසා බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගිය 20 වනදා ජර්මනියේ හමුදා පරිත්‍යාගශීලීන්ගේ ප්‍රධාන රැස්වීමට සහභාගි වීමට පෙර මාධ්‍ය වෙත පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...