දේශීය පුවත්

ජෝර්ජ් සෝරොස් නම් කුප්‍රකට ධන හිමියා වසර ගණනාවක් තිස්සේ CNN, NBC, CBS, Bloomberg, NPR සහ Washington Post යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන වල බලවත් පුද්ගලයින් 54 දෙනෙකුට මුදල් ගෙවා ඔහුට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවා ඇති බව හෙළිදරව් වී තිබේ.

MRC Business නම් ආයාතනයේ නවතම අධ්‍යයනයකට අනුව,ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 253ක් ඔහුට අවශ්‍ය ආකාරයට ලෝක සිදුවීම් ආවරණය කිරීම සහතික කිරීමට එකඟ වී අවම වශයෙන් ඩොලර් මිලියන 131ක් ජෝර්ජ් සෝරොස් ගෙන් මුදල් ලබා ගෙන තිබේ. ජෝර්ජ් සෝරස් ගේ පඩි ලැයිස්තුවේ වාර්තාකරුවන් සහ විකාශකයින් මෙන්ම කර්තෘවරුන් සහ මාධ්‍ය ආයතන අයිතිකරුවන්ද සිටින බව MRC Business ආයතනය කළ අධ්‍යනයෙන් හෙළිදරව් වී තිබේ.

ජෝර්ජ් සෝරෝස් 1930 අගෝස්තු 12 වෙනි දින බුඩාපෙස්ට් හිදී උපත ලද හංගේරියානු-ඇමරිකානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයෙකි. එලෙසම ඔහු දානපතියෙකු ලෙසද ප්ව්නී සිටී. සහ දානපතියෙකි.2021 මාර්තු වන විට, ඔහුට ඩොලර් බිලියන 8.6 ක ශුද්ධ වටිනාකමක් තිබුණි. ඔහු විසින් පිහිටුවා මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරන ‘ඕපන් සොසයිටි ෆවුන්ඩේෂන්’ නම් ලෝකය පුරා පිහිටි රාජ්‍ය නොවන ආයතනය වෙත ඩොලර් බිලියන 32 කට වඩා පරිත්‍යාග කර ඇති අතර, එයින් ඩොලර් බිලියන 15 ක් දැනටමත් විවිධ කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර බෙදා හැර තිබෙ. එම ප්‍රමානය ඔහුගේ සමස්ත ආදයමෙන් 64% ක කොටසකට හිමිකම් කියයි.

ජෝර්ජ් සෝරෝස් නාසීන්ට හඳුනා ගැනීමට නොහැකි වූ යුදෙව් පවුලක සාමාජිකයෙකු වූ හෙයින් හංගේරියාව කළ නාසි ආක්‍රමණයෙන් බේරී 1947 දී එක්සත් රාජධානියට සංක්‍රමණය විය. ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් අධ්‍යාපනය ලැබූ අතර 1951 දී දර්ශනය පිළිබඳ විද්‍යාවේදි උපාධියක් ලබා ඇති අතර පසුව ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය.

ජෝර්ජ් සෝරොස් කෙතරම් භයානක ආර්ථික ඝාතකයෙකුදැයි ලෝකයට පෙනෙන්නට ලැබුනේ ඔහු විසින් 70 දශකයේදී පිහිටවූ ‘ක්වන්ටම් ෆන්ඩ්’ නම් ආයතනය යොදවා තායිලන්තය මුල්‍යමය වශයෙන් 1990 දශකයේ අග භාගයේදී අස්ථාවර කිරීමෙන් පසුවය.

වීඩියෝව පහලින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More