ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉදිරිපත් කළ විශ්‍රාම වයස අවුරුදු 64 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්වලට එරෙහිව කම්කරු සංගම් විසින් මහජන විරෝධතා සංවිධානය කිරීම නිසා ඊයේ (20 ) ප්‍රංශයේ දුම්රිය සේවා, පාසල්, ගුවන් ගමන් සහ ව්‍යාපාර කටයුතු වලට දැඩි බාධා එල්ල වූ බව වාර්තාවේ.
වැඩිම ජනතාවක් පැරිස් නුවරදී වීදි බැස තිබුණු අතර එම සංඛ්‍යාව 400,000 ක් පමණ වූ බව සීජීටී වෘත්තීය සමිතිය එරට මාධ්‍ය වෙත පැවසුවේය. මේ අතර ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් රටපුරා මිලියන 1.2 ක් සහ පැරිසියේ 80,000 ක් වූ විරෝධතා කරුවන් වීදි බට බව පැවසුවද මිලියන දෙකක් විරෝධතාකරුවන් රට පුරා විරෝධතා පෙළපාලි පැවැත්වූ බව එමා සංගමය කියා සිටියේය.
පෙළපාලි මධ්‍යයේ, පොලිස් නිලධාරීන් “කළු ඇඳගත් අරාජකවාදීන්” සමඟ ගැටුණු අතර, එම පිරිස සෑම විටම ප්‍රංශයේ පැවැත්වෙන විරෝධතා වලදී පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගන්නා පිරිසක් බව ප්‍රංශ පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...