නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව,අමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේන හමුදාවට ඊශ්‍රායලයේ තැන්පත් කර ඇති අමෙරිකානු කාලතුවක්කු උණ්ඩ ලක්ෂ ගනනක් සපයා ඇත. යුක්‍රේන හමුදාව සතු අවි ගබඩාවල කාල තුවක්කු උන්ඩ අවසන් වෙමින් පවතින බවත් පෙන්ටගනය යුධෝපකරණ සෙවීමට වෙහෙසෙමින් සිටින බවත් එම පුවත් පත පවසයි.
පෙන්ටගනය යුක්රේනයට අත්‍යවශ්‍ය කාලතුවක්කු උණ්ඩ ලබා දීම සඳහා ඊශ්‍රායලයේ ඇති දැවැන්ත එහෙත් එතරම් ප්‍රසිද්ධ නොවූ ඇමරිකානු අවි ගබඩාවකින් කාලතුවක්කු උණ්ඩ තොගයක් ලබා දී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය 17 වනදා වාර්තා කළේ නම් සඳහන් නොකළ ඊශ්‍රායල සහ ඇමරිකානු නිලධාරීන් කිහිප දෙනෙකු උපුටා දක්වමිනි. ගනුදෙනුව සිදු වූයේ කවදාද යන්න අපැහැදිලි වුවත්, ඊශ්‍රායලය වොෂින්ටනයට මිලිමීටර් 155 උණ්ඩ 300,000ක් ඊශ්‍රායල් භූමියේ ගබඩාවලින් ලබා ගැනීමට ඉඩ දීමට එකඟ වී ඇති බව තහවුරු වී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත පැවසුවේය.
“යුක්රේනය යැවීමට නියම කර ඇති උන්ඩ 300,000 න් අඩක් පමණ දැනටමත් යුරෝපයට යවා ඇති අතර ඒවා පෝලන්තය හරහා යුක්‍රේනයට බෙදා හරිනු ඇත.” නිව්යෝක් ටෛම්ස් පුවත් පත ඊශ්‍රායලයේ තිබෙන අමෙරිකානු යුද අවි මැදපෙරදිග ගැටුම් සඳහා භාවිතා කිරීමට අදහස් කර තිබුණද, යුක්‍රේන හමුදා මසකට ෂෙල් වෙඩි 90,000 ක් පමණ ප්‍රහාර එල්ල කරන බව වාර්තා වන බැවින් පෙන්ටගනයට නව ආයුධ සැපයුම් සෙවීමට බල කෙරී ඇති බවත් අමෙරිකාව සහ එහි සගයා වන යුරෝපය නිෂ්පාදනය කරන කාලතුවක්කු ප්‍රමානය මෙන් දෙගුණයක් යුක්‍රේනයට භාවිත කිරීමට සිදුව ඇති බවත් පවසයි.
මේ සම්බන්ධයෙන් වන සම්පූර්ණ වාර්තාවක් පුරවැසි කොලමේ පලවේ..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...