දේශීය පුවත්

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංග මහතාගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත් වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව වාර්තාවේ.

ධම්මිකර රණතුංග මහතා ලංකා ඛනිජතෙල් තොග නිමාවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අදාලවද මීට මාස 06කට පමණ පෙර කෝටි 03කට ආසන්න මුදලක් වැය කර නවතම BMW රථයක් ගෙන්වාගෙන තිබේ.

එමෙන්ම චන්දිම වීරක්කොඩි මහතා ඛනිජතෙල් ඇමතිවරයාව සිටියදීද මීට වසරකට පමණ පෙරද එවකට ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධුරය හෙබවූ ජයසිංහ මහතාගේ පරිහරනය සඳහාද නවතම BMW රථයක් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වැය කරමින් ගෙන්වා තිබී ඇත.

එසේ තිබියදී නැවත රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් වැය කර නවරත වොල්වෝ වර්ගයේ රථයක් ගෙන්වීම මුදල් නාස්ති කිරිමකි. එමෙන්ම මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන ආණ්ඩුවට මෙවැනි නාස්තිකාරී වියදම් සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනවිට සේවකයින් තුළ විරෝධයක් මතුවෙමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More