දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමට හැකි ෙනෙතික අවශ්‍යතා සපුරා දෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂ නායක, සභා නායක, ආණ්ඩු පක්ෂ සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ‍ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කොට කොට්ඨාස සමානුපාතික ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නත් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කර එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ එය සමාලෝචනය කර නව වාර්තාවක් අනුමත කර ගැනීමක් මතෛක් වී නැති හෙයින් නැගෙනහිර, උතුරු මැද හා සබරගමු පළාත්වල ඡන්දය පැවැත්වීමට නොහැකිව ඇති බවද මැතිවරණ කොමිසම යැවූ ලිපියේ දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More