ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණය කුමක් වුවද ඊට පෙර උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් ආණ්ඩුව විරෝධී ඕනෑම බලවේගයක් සමග එක්ව රජය පෙරළා දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.
තමන් හා උතුරේ ජනතාව ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපති පත් කර ගැනීමට පූර්ණ සහය දැක්වූ නමුත් එදා ඔවුන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට මතෛක් ක්‍රියාකර නැති නිසා උතුරේ ජනතාව රජය කෙරේ කලකිරීමෙන් සිටින බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියි.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මේ කරුණු හෙළි කර ඇත්තේ ලක්බිම පුවත්පත සමග සංවාදයකට එක් වෙමිනි. උතුරේ ජනතාව රජය සමග ඇති කලකිරීම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා ඇති බවද ඔහු අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...