ප‍්‍රධාන පුවත්

චීන රජයට අනුබද්ධිත ආයතනකින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ බැංකු ගිණුමකට රුපියල් එක් කෝටි අනූ හතර ලක්ෂයක් බැර කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙසේ ලැබුණු චෙක් පත අත් අකුරින් ලියා ඇති බවත් මේ සඳහා පිළිතුරක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් හා විපක්ෂයේ කථිකයන්ගෙන් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ මාධ්‍යවේදිනී මරියා අභිහබීබ්ට දුරකථන ඇමතුමක් ලබාගත හැකිදැයි මාධ්‍යවේදීන රංජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුමක් ලබාගත් අතර දේශීය දුරකථන සමාගමක නම සඳහන් කරමින් එම දුරකථන අංකය ප්‍රතිචාර නොදක්වන බව එහිදී පැහැදිලි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More