දේශීය පුවත්

නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවීම නිසා තමන් ජීවත් වන ප්‍රදේශයේ වැඩිවෙමින් පවතින අපරාධ ගැන කම්පාවට පත් කාන්තාවක් වන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය නැගූ විලාපය නවත්වා ලිය හැකි වන්නේ උතුරු පළාත් සභාවට පොලිස් බලතල දීමෙන් බව නවසමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

එසේ බලතල විමධ්‍ය ගත කිරීමට එකඟවී බලයට පත් වූ ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු නොකිරීම ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය.

දරුවන්ට සහ ගැහැනුන්ට ආරක්ෂාව සහිතව උතුරු නැගෙනහිර නිදහසේ ජීවත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ අවශ්‍යතාව මතුව ඇති බව ප්‍රකාශ කිරීම නිසා දකුණේ දැඩි විවේචනයට ලක්වීමෙන් අනතුරුව විජයකලා මහේෂ්වරන් සිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ බාරදීමට සිදු විය.

“කොටි පාලනය හොඳයි කීම විලාපයක් මිස වෙනත් දෙයක් නොවෙයි,” යනුවෙන් වික්‍රමබාහු ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමිනි.

“දුක් විඳින ජනතාවගේ වේදනාවන් කියලා කෑ ගහන්න ගෑනියකුට අවසරයක් නැති රටක්ද මේක?”

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ට දැඩි ප්‍රහාර එල්ල කළ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ‘ගොන්නු’ ලෙසින් ආචාර්ය බාහු ගේ දෝෂ දර්ශනයට ලක් විය.

“එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහර ගොන්නු මේ කාන්තාවගේ විලාපය ගැන වැරදි අර්ථකතනයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා.”

මන්ත්‍රීවරිය විසින් පල කරන ලද අදහස් වැරදි ලෙස වටහාගෙන සිටින ජාතිවාදීන් ගේ ඉල්ලීම පරිදි ඇයට දඬුවම් පැමිණවීමට පියවර ගැනීම අර්ථ විරහිත කටයුත්තක් බව වික්‍රමබාහු කරුණාරත්න අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More