ක්‍රීඩා පුවත්

රුසියාවේ පැවැත්වෙන 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 56 වැනි තරගය පසුගියදා නිමාවට පත්වීමත් සමඟ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නට උරුගුවේ, ප්‍රංශය, බ්‍රසීලය, බෙල්ජියම, ස්වීඩනය, එංගලන්තය, කේ‍රායේෂියාව හා සත්කාරක රුසියාව සමත් වූ අතර එම තරග වටයේ පළමු තරගය නිස්නි නොවුගේ‍රාඩ් ක්‍රීඩාංගණයේදී උරුගුවේ හා ප්‍රංශය අතර අද (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට) පැවැත්වේ.

බ්‍රසීලය හා බෙල්ජියම අතර පැවැත්වෙන එම තරග වටයේ දෙවැනි තරගය රාත්‍රි 11.30ට කසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරග වටයේ තෙවැනි හා සිවුවැනි තරග ස්වීඩනය හා එංගලන්තය අතරත් කේ‍රායේෂියාව හා රුසියාව අතරත් හෙට පැවැත්වේ.

මේ අතර අද පෙරවරුවේ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් හමු වූ ලෝක ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයන් සහ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ඉන්ෆැන්ටිනෝ ජියානි ඇතුළු දූත පිරිස පවසා සිටියේ මිත්‍රශීලී ආගන්තුක සත්කාර ඉතා ඉහළින් සිදුකිරීම පිළිබදව ජනාධිපතිවරයාට සහ රුසියානු ජනතාවට ස්තුතිය හා ‍ගෞරවය පිරිනමන බවය.

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරග තරගාවලිය නැරඹීම සඳහා තරග කාල සීමාව තුල රුසියාවට වීසා රහිතව පැමිණිය හැකි වීමත්, තරග පවත්වන නගර අතර දුම්රිය සේවා ගෙවීමකින් තොරව ක්‍රීඩාලෝලීන් සදහා භාවිතා කිරීමට අවස්ථාව සලසා තිබීම,රුසියානු ජනතාව ඉතා ඉහළින් ක්‍රීඩා ලෝලීන් හා මිත්‍රශීලීව කටයුතු කිරීමත්, ඉතා පිරිසුදු සිතට ප්‍රියමනාප ලෙස තරග උද්‍යාන ඉතා අලංකාර වීමත් සහ ආචාරශීලී පොලිසිය හා ආරක්ෂක අංශ මේ දක්වා කිසිම කලකෝලහල ඇති නොවන අන්දමට ක්‍රියා කිරීමත් මෙම දූත පිරිස ඇගයීමට ලක් කළ බව එරට වාර්තා සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More