යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් ප්‍රදේශ තුනකදී නිවාස 3 කට ඊයේ (05) රාත්‍රියේ ආවා කල්ලි පහරදීමක් හේතුවෙන් දැඩි නිවාස අලාභහානියක් සිදු වී ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.
චුන්නාකම් උඩුවිල්හි පදිංචි නවරත්න ඩේමින් ඉමේෂන් නැමත්තාගේ නිවසට හා උඩුවිල්හි පදිංචි ස්ටැන්ලි තනුජන් නැමත්තාගේ නිවසටද යුතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නිවසේ බුඩු බාහාරාදියට පහරදී ඇති අතර අනතුරු චුන්නාකම් ඉනුවිල් බටහිර ප්‍රදේශයේ පදිංචි විග්නේශ්වරන් යසින්තන් නැමත්තාගේ නිවසට පැමිණි පිරිසක් විසින් නිවසේ තිබූ භාණ්ඩ රැසකට හානි කොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.
අදාල පහරදීම් වලින් කිසිදු පුද්ගල හානියක් සිදු නොවී ඇති අතර නිවෙස් අලාභහානි පමණක් සිදු කොට ඇති අතරම නිවෙස්හි තිබූ යතුරුපැදි ,ත්‍රී රෝද රථ, ජනෙල් ,ගේට්ටු, රූපවාහිනී ඇතුලු උපකරණ සියල්ලක්ම විනාශ වී ඇත.
අදාල පහර දීම ආවා කල්ලියෙම තවත් කණ්ඩායමක් වන අශෝක් කුමාර්ගේ කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවටත් පහරදීම් සිදු කරන ලද කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට මේ වන තුරු නොහැකි වූ බවටද පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...