උතුරු ප‍්‍රදේශ යළි අරාජිකත්වයක් ඇති කරමින් ත‍්‍රස්තවාදීන්ට යළි නැගිටීමට අවස්ථාව සලසා දෙන්නේ කුමන අරමුණකින් දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කර සිටියේය.
පසුගියදා උතුරේ බොහෝ ප‍්‍රදේශවල කලුකොටි සැමරුම සිදුවූ බවත්,ආවා වැනි කල්ලි උතුරේ බලවත් වි ඇති බවත් එවැනි ක‍්‍රියාකාරකම් නිදහසේ සිදුවෙද්දී උතුරේ ජනසමාජයේ නීතියේ ආධිපත්‍ය කඩා වැටී ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.
පොලිසියට නිවාඩු තහනම් කර ඇතිමුත් පොලිසයට නීතය ක‍්‍රියාත්මක කල නොහැකිව අසරණ වී ඇති බවත් පවසා සිටි මන්ත‍්‍රීවරයා විජයකලා මන්ත‍්‍රීවරිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව පිලිගෙන තිබියදීත් එතුමියගේ මන්ත‍්‍රීධූරය අහෝසි කල යුතු යයි වැඩිදුරටත් පවසා සිටියහ.
22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...