ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් 2017 වසරේ දී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අයත් සමාගමකට රුපියල් මිලියන පහක (ලක්‍ෂ 50 ක්) මුදල් චෙක්‌පතක් ලබාදුන් බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (05 දා) පස්‌වරුවේ කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
එම මුදල් චෙක්‌පත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් සර්ටීස් ලංකා කුරියර් සේවයේ සේවකයකු වන සුනිල් ඇන්ඩර්සන් පෙරේරා නමැත්තා විසින් මුදල් කර රවි කරුණානායක මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේසන් ඇන්ඩ් ලොජිස්‌ටික් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි බ්‍රයන් සින්නයියා නමැත්තාට ගෙනැවිත් භාරදී ඇතැයිද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැන්වීය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...