දේශීය පුවත්

නීත්‍යනුකූල නොවන ලෙස බැඳුම්කර ගනුදෙනු ඇතුළු අපරාධ වැරැදි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් රක්ෂිත බන්නධනාගාරයේ සිට ජංගම දුරකථන මඟින් බැඳුම්කර සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් පාර්ශ්වයන් සමඟ කතාබහ කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (5දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

බැඳුම්කර වංචාවට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට එලෙස ප්‍රකාශ කර සිටියේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ නඩුව ඊයේ කැඳවා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් අනුව සිද්ධිය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බවද, ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයේදී අර්ජුන් ඇලෝසියස් යන අය ජංගම දුරකථන 3ක් උපයෝගී කර ගනිමින් බැඳුම්කර සිද්ධියට ආධාර අනුබල දුන් අය ඇතුළු බාහිර පාර්ශ්වයන්ට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බව අනාවරණය කරගත් බවද එම ජංගම දුරකථන තුන අදාළ පරීක්ෂණ කණ්ඩායම මඟින් සොයාගෙන ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. එක් දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් රඳවා සිටින විශේෂ වාට්ටුවේ ඔහු නිදාගන්නා මෙට්ටය සහ කොට්ටය අතර තිබී සොයාගෙන ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය. ඉන් එක් ජංගම දුරකථනයක් රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින පාතාල නායකයකු වන උෟරුජුවා නමැත්තා ළඟ තිබී පරීක්ෂණ කණ්ඩායම සොයාගෙන ඇති බවද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඇප නොමැතිව රක්ෂිත භාරයේ සිටියදී එවැනි වැරැදි සිදුකරන්නේ නම් ඔහුට ඇප ලබා දුනහොත් කුමන ආකාරයේ වැරැදි සිදුකරතැයිද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More