දේශීය පුවත්

තම පියා සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය බවට දක්‌වමින් ප්‍රංශයේ සිට පැමිණි ඩිලිසන් ස්‌ටිව් නමැති තරුණයකු විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත. එවකට 8 හැවිරිදි වියේ පසුවූ තමා තම පියා සමග එකම අසුනේ වාඩිවී කුරුඳුවත්තේ වාහනයකින් ගමන් කරමින් සිටියදී එකවරම සුදු වෑන් රියකින් පැමිණි දෙදෙනකු පියා පැහැරගත් බවද එම 17 හැවිරිදි තරුණයා ප්‍රකාශ කර තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි පසුගිය මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සැසියේදී ජෙයනි ත්‍යාගරාජා නමැති තරුණියක්‌ද සිය සොහොයුරා පැහැරගෙන ගොස්‌ ඇති බවට පැමිණිලි කළාය. තම පියා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු බවද එම තරුණයා තවදුරටත් සඳහන් කර ඇත.

2008 වසරේදී සිදුවූ බව කියන මෙම පැහැර ගැනීමට අදාළව 2018 දී මානව හිමිකම් කවුන්සිලයට පැමිණිළි කළේ මන්ද යන්න මානව හිමිකම් බලධාරීන් එම තරුණයාගෙන් විමසා නැත.

මොහු මානව හිමිකම් සැසිවාරයට ගෙන ආවේ ප්‍රංශ ඊළාම් සංවිධානයයි.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More