දේශීය පුවත්

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇති බවයි.

2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියයට 8.7ක්, කාර්මික ක්ෂේත්‍රයේ සියයට 21. 2ක් සහ සේවා කටයුතු සියයට 2 .6 කින්
මෙලෙස පහත වැටී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,031ක් බවත්, එසේම ස්ථාවර මිල (2015) ගණන් යටතේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,884,218 ක් වූ බවත් එහි දක්වා තිබේ.

2021 වසරේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,629,510 ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වසරේ තෙවන කාර්තුවේදී රුපියල් මිලියන 2,884,218 ක් දක්වා පහත වැටී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More