ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මීට පෙර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදී තිබුණද ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නොතිබූ බව වාර්තා පලවිය.
පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් හෙට (06) දිනයේදී නව ජනාධිපති ලේකම්වරයෙකු පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පැවසී ය.
කෙසේවෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට කොන්දේ අමාරුවක් හටගෙන ඇති නිසාත්, සිය ධූර කාලය අවසන් වීම නිසාත් ඉල්ලා අස්වී ඇති බවයි.
දැනට වයස අවුරුදු හැත්තෑ හයක් වන ඒ මහතා රාජ්‍ය සේවයේ කටයුතු කරන අවසාන දිනය අද වන අතර සිය 76 වන උපන් දිනේ දැනට දින කිහිපයකට සමරනු ලැබීය.
2017 ජූලි 01 දින සිට ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරන ලදී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...