කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ප‍්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප‍්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.
අද (5) ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉදිරිපිට හා කෝවිල අසල මෙලෙස එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම දැක්වෙන සිතුවම් ප‍්‍රදර්ශනය කර තිබූ බව ආරක්ෂක අංශ පවසති.
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද කීය.
සිතුවම් කර ඇති එල්.ටි.ටි.ඊ ලාංජනයට ඉහළින් ජූලි 5 කළු කොටි දිනය ලෙස ද්‍රවිඩ බසින් සඳහන් කර තිබේ.
අදාළ එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ඇඳ තිබෙන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...