ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා විසින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත සිදුවන බවට ප්‍රකාශ කලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක් වුවත් ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ 16 දෙනාගේ කණ්ඩායම පවසන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙන කෙනෙකු ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම්, හිටපු ජනාධිපතිවරයාගේ සිතෙහි ඇත්තේ තම සහෝදරයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත්කිරීම බවය.
2015 ජනවාරි 08 වැනිදායින් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වූ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විවිධ වාසි තකා නැවතත් ඒකාබද්ධ විපක්ෂය හා එක්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...