දේශීය පුවත්

සංවිධායක ධුරයෙන් තමාව ඉවත් කිරිමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

රත්මලාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

රත්මලාන , බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය සහ ණය මූල්‍ය ප්‍රදානය ඊයේ(04) සිදුකෙරුණේ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ, තනතුරු ලබා නොදීම හේතුවෙන් තමාව ධූරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.

වැඩ නොකරන කිසිවෙකුටත් තනතුරු ලබා නොදෙන බවත්, තමාව දුම්මල ගසා හෝ සංවිධායක ධූරයෙන් ඉවත් කළ නොහැකි බවත් පැවසු ප්‍රේමචන්ද්‍ර මහත් මිය සජිත් ප්‍රේමදාස මහතා කවදා හෝ රටේ ප්‍රධානියා බවට පත් වෙන විට එය දැක ගැනීමට තමා පින් කර සිටිය යුතු බවද සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More