දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රබල ඉල්ලීම් හමුවේ වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි 5 දා සිට ගාල්ල දිසාපතිවරයා වශයෙන් මාරුකොට තිබේ.

සෝමරත්න විදානපතිරණ මහතා වවුනියාව දිසාපතිවරයා වශයෙන් පත්ව දැනට වසරක කාලයක්වත් ගත වී නොමැත.

එතුමා වවුනියාවට පැමිණ වවුනියාව දිසාපති කාර්යාලය තුළ සර්ව ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවීමට උත්සහ කළ අවස්ථාවේදී ඔහු බුදුපිළිමයක් තැන්පත් කිරීමට යන බවට වැරදි අර්ථ කථනයක් රජයට ලබා දෙමින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ ඔවුන්ගේ විරෝධය පල කොට සිටියහ.

මේ අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට දිසාපතිවරයා ලක්වූයේ පදනම් විරහිත චෝදනා නිසාය.

අනතුරුව වවුනියාව වැව ආශ්‍රිතව වූ ප්‍රදේශය අලංකාර ලෙස සංවර්ධනය කොට දියන්නාවේ මෙන් ඇවිදින මංතීරු සකස් කොට දර්ශනීය උද්‍යානයක් සකස් කිරීමට සෝමරත්න විදානපතිරන මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඊට හරස් වී ”ඔබ ඔබේ රාජකාරිය කරන්න.දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සංවර්ධන කටයුතු බලා ගනීවී” යනුවෙන් පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ පිරිසට ඉතා දැඩි අවශ්‍යතාවයක්ව පැවතියේ දෙමළ ජාතිකයෙකු වවුනියාව දිසාපතිවරයා අව්ශයෙන් පත් කරවා ගැනීමටය.

නමුත් වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් පත් කිරීමට තෝරාගෙන ඇත්තේ මඩකලපුව නින්දවූර් ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කරණ එම්.හනීෆා මහතාය.

වවුනියාවේ දිසාපති ධුර ඉතිහාසය තුළ මුස්ලිම් ජාතිකයෙකු වවුනියාවේ දිසාපතිවරයා වන්නට යන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More