දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුව හරි දැක්මක් හෝ විදිමත් රාජ්‍ය පාලනයක් නොමැති කමින් රට බෙදුම්වාදයේ සැනකෙලි බිමක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද රට පුරාම මහ අරාජිකත්වයක් ඇති වෙලා තියෙනවා,දකුණේ පාතාලය හන්දි ගානේ මිනිස්සු ඝාතන කරනවා,රටේ ව්‍යාපාරිකයෝ ජිවත් වෙන්නේ බියෙන් හා සැකෙන්.අද මේ ආණ්ඩුව යන්නේ කොහෙද කියලා කිසිම විනිශ්චයක් නැහැ.දකුණේ තරුණයෝ ආයුධ අතින් අරන් කොල්ල කනවා,මිනිමරනවා.ඒවා පාලනය කරන්න අද ආණ්ඩුව අසමත් වෙලා,ඒ වගේම රටේ විවිධ තැන්වල විවිධ කල්ලි දවසින් දවස බිහිවෙනවා.චිකාගෝව වගේ මිනිමරනවා. අද උතුරු පළාත සම්පුර්ණයෙන්ම බෙදුම්වාදී අදහස් වලින් ත්‍රස්තවාදී මතවාදවලින් පෝෂණය වෙමින් පවතිනවා. ආණ්ඩු සැබෑ සංහිඳියාවක් වෙනුවට නිවට නොහැකියාවක් පෙන්වමින් ඉන්නවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා ඉදිරි මැතිවරණය දිහා බලාගෙන රට බිල්ලට දෙන්න සුදානම් වෙන්න එපා කියලා. අපි පහුගිය කාලයේදී යාපනයට ගියා,යාපනයේ ජනතාව හමුවුනා ඒ අය සමග අපි කතා කරා.ඒ ජනතාවට බොන්න වතුර නැහැ, විදුලිය නැහැ, නිවස නැහැ .ඒ ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියන්ට රස්සාවල් නැහැ. අද දෙමල ජාතික සන්ධානය මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ.ඔවුන් කතා කරන්නේ වෙනම ඊලාම් රාජ්‍යක් ගැන. යාපනය ඇතුළු උතුරේ ජනතාවට මේ නිජබිම් සංකල්ප තේරෙන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ රටේ සාමාන්‍ය ජනයා ඉල්ලා සිටින දේවල් තමයි. නමුත් TNA ඒක මේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ.සම්බන්ධන් විපක්ෂ නායකයා වෙලා දැන් අවුරුදු තුනක් ඉන්නවා,අපි අහනවා උතුරේ විසඳපු ප්‍රශ්නය මොකක්ද කියලා. සම්බන්දන් ඇතුළු දෙමල ජාතික සන්ධානය උතුරේ අහිංසක දෙමල ජනතාව පෙන්වමින් කොළඹ සැප විඳිනවා, එච්චරයි.”

“ඔවුන් වෙනම රටක් පෙන්වමින් දෙමල ජනතාව විශාල විනාශයක් කරා රැගෙන යමිනුයි මේ ඉන්නේ. අද ආණ්ඩුවත් TNA එකට වන්දනා මාන කරමින් ඉන්නවා මිසක් සැබෑ ලෙස උතුරේ දෙමල ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. ඒ නිසා උතුරේ දේශපාලඥයන් ඔවුන් දෙමල නිජබිම එහෙමත් නැත්නම් ඊලාම් රාජ්‍යක් කියන තැනට තල්ලු කරමින් ඉන්නවා. විජයකලාගේ ප්‍රකාශයෙන් ඒ අවස්ථාවාදී දේශපාලනය අපිට පෙන්න තියෙනවා විජයකලාට දමිල ජනතාවගේ නාමයෙන් රට ඊලාම් කොටි ආයේ ඕනේ කියලා ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසා බව අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. විජයකලා රාජ්‍ය ඇමතිවරිය මේ ප්‍රකාශ කරන්නේ රටේ විදේශ ඇමතිවරයා වගේම මේ රටේ ස්වදේශ කටයුතු ඇමතිවරයාත් ළඟ තබාගෙනයි. අපිට පේනවා මේ ආණ්ඩුව ඒ තරමට පිරිහීමට පත්වෙලා කියලා. මේ රටට ඉදිරියට යාමට පුළුවන් වෙන්නේ ශක්තිමත් නායකත්වයක් එක්ක නොබෙදුණු රටක් විදියට විතරයි. නමුත් අද වෙනකොට මේ ආණ්ඩුවට ඒක කරන්න බෑ කියලා ඕනෑවටත් වඩා ඔප්පු කර අවසන්.” මෙහිදී ගුණරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More