දේශීය පුවත්

යාපනය ප්‍රදේශයේ මේ දිනවල සිදුවන ආවා කල්ලියේ ගැටුම් මර්දනය කිරීමට යාපනය ‍පොලිස් කොට්ඨාසයේ සියලුම ‍පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (04) දින සිට සති දෙකක කාලයක් අවලංගු කර තිබේ.

උතුරු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු මහතාගේ නියෝග මත මෙම සති දෙකක කාලය තුළ පැය විසි හතර පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇත.

ඒ අනුව යාපනය කොට්ඨාසයේ ‍පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (04) දින සිට ලබන 18 වෙනි දින තෙක් අවලංගු කර තිබේ. එමෙන්ම මන්නාරම, වව්නියාව ‍පොලිස් කොට්ඨාසවලින් ‍පොලිස් නිලධාරීන් 100ක් පමණ යාපනය කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මෙම සියලු නිලධාරීන් එක්ව මේ දිනවල යාපනයේ නැගී සිටීමට උත්සාහ දරන ආවා කල්ලිය මර්දනය කිරීමට හා එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාපනය කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන බව උතුරු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ආවා කල්ලිය නමැති කණ්ඩායම යාපනය ප්‍රදේශයේ විවිධ අනවශ්‍ය ගැටුම් ඇති කිරීමට ඉකුත් දිනවල පෙළඹී තිබූ හෙයින් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

ලක්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More