දේශීය පුවත්

හිිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පළමු වරට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණියේය. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සමගිනි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ ද එම කාර්යාලය වෙත පැමිණ සිටි අතර එම පිරිස හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිසකට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමේ අවස්ථාවට ද එක්වුණි.

මෙලෙස පොදුජන පෙරමුණ කාර්යාලයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැදවාගෙන ඒම මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට ප‍්‍රබල සාක්ෂියක් බවට දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.

රාජපක්ෂ සහෝදරවරු අතර ගැටුමක් ඇතැයි පැතිරයන මතවාද ප්‍රතික්ෂේප කරන බවත් එහි විද්‍යාමාන සාක්ෂිය මෙම උත්සවය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම උත්සවය අමතමින් කියා සිටියේය. පෙබරවාරි 10 වැනිදා දිනපු දිනිල්ලේ දෙවැනි ඉනිම ජයග්‍රහණය කරවීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසාසෙිටියේ වියත්මග, ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින් කටයුතු කරව බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණෙ දේශපාලන කටයුතුවලට නිල වශයෙන් සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර උත්සවයෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප‍්‍රශ්න කිහිපයකට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

2018.07.04

අද නෙලුම් මාවත පොදුජන පෙරමුනේ පුධාන කාර්යාලයට පැමිනි ගොඨාබය රාජපක්ෂ මහතා

Gepostet von GR Media am Mittwoch, 4. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More