ප‍්‍රධාන පුවත්

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ ‘සී 350‘‘ ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයින් පැවැත්වූ දුරකතන සංවාද පිළිබද කරුණු පමණක් ඇතුලත් වාර්තාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෝප් කමිටුව පැවැත්වෙන කාල වකවානුව තුල කෝප් කමිටු සාමාජිකයින් හා අර්ජුන ඇලෝසියස් පැවැත්වු දුරකතන සංවාද පිළිබදවාර්තාවක් ද, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැත්වූ දුරකතන සංවාද පිළිබද සවිස්තර වාර්තාවක් ද රහස් පොලීසිය විසින් බැදුම්කර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබද තෝරාගත් කරුණු පමණක් කොමිෂන් සභා අවස්ථාවේ දී අනාවරණය කරනු ලැබීය. එම වාර්තා කිසිවක් මහජනතාව වෙත නිකුත් කිරීම සදහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා අවසර ලබා දී නැත.

ජනාධිපති ලේකම්වරයා විසින් ‘සී 350 සිට සී 359‘ දක්වා වන ලේඛනයක් ගරු කථානායකතුමා වෙත යොමු කර ඇත. නමුත්, එම ලේඛනය මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී නැත. පාර්ලිමේන්තුවේ සභාගත කර ද නැත. ‘සී 350 සිට සී 359‘ දක්වා ලේඛනයේ පිටු 139 ක් අඩංගු වේ.

එයින්, පිටු 127 ක් පමණක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද මහජනතාවට නිකුත් කර ඇත.
අප වෙත ලබා දී ඇති වාර්තාවේ මුල් පිටපත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව නැත. එහි සහතික කළ වාර්තාවක් ද මහජනතාව වෙත නිකුත් කර නොමැත.

රහස් පොලීසිය විසින් බැදුම්කර කොමිෂන් සභාවට ඉදිරිපත් කළ දුරකතන සංවාද ‘කෝප් කමිටු සාමාජිකයින් හා රවී කරුණානායක ගේ පවුලේ සාමාජිකයින්‘ පැවැත්වූ දුරකතන සංවාදන ඇතුලත්වේ.

බැදුම්කර වාර්තාවේ සංවේදී නොවන තොරතුරු මහජනතාව වෙත නිකුත් කරන බවට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට හා මහජනතාව වෙත අවස්ථා කිහිපයක දී ජනමාධ්‍ය ඔස්සේ ප්‍ර‍කාශ කර ඇති නමුත්, එම තොරතුරු කිසිවක් මේ දක්වා ජනගත වී නොමැත. සම්පූර්ණ බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධිය පත් කළ යුතු බව කැෆේ සංවිධානය නැවත වරක් අවධාරණය කර සිටී.

මාධ්‍ය ඒකකය 2018 ජූලි 4

Gepostet von Kelum Jayasumana am Mittwoch, 4. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More