GOSSIP

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පසුගිය සතියේදී සාකච්ඡාවක් පැවැත්වූයේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටි එහි ‍ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සාකච්ඡාවේදී එකඳු වචනයක්වත් කතා කළේ නැත. එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණ සිටි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාත් සාකච්ඡාව අවසන් වන තුරුම සිටියේ නිශ්ශබ්දවය.

වැඩිම වේලාවක් කතා කළේ සභාපති මහින්ද දේශප්‍රියයි. පැය එකහමාරක් පමණ ඔහු කතා කළේ කොමිසමේ අනෙක් සාමාජිකයන්ද තබාගෙනය.

“මෙහෙම ඡන්ද තියන්නේ නැතිනම් අපිට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන්න වෙනවා. මේ විදියට ඡන්ද කල් දානවානම් මැතිවරණ කොමිසමක් තිබිලා වැඩක් නෑනේ. අපි ඡන්දදායකයන් ලියාපදිංචි කරනවා. ඡන්ද දායකයන් ලියාපදිංචි කරන්නේ ඡන්ද පැවැත්වීමටයි. ඡන්ද තියන්නේ නැතිනම් ඡන්ද දායකයන් ලියාපදිංචි කරන්නේ මොකටද?” මහින්ද දේශප්‍රිය කීවේ තදින්ය.

“එහෙම පවත්වන්නේ කොහොමද? මැතිවරණ තියන්න කොමිසමට බලයක් නෑ” ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

“ඇයි අපිට බැරි? අපිට මහජන බලයක් තියෙනවා. කොමිසම විදියට අපිට මැතිවරණ තියන්න පුළුවන්” මහින්ද දේශප්‍රිය තදින් කීවේය.

“ආණ්ඩුව මැතිවරණවලට බයයි. අපි නම් ඕන ක්‍රමයකට මැතිවරණ තියනවට කැමැතියි” බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පැවැසුවේය.

“කොටන කුකුළට ඕන ‍පොර පිටියක් එකයි. අපිටත් එහෙම තමයි” රේණුක පෙරේරා හිටපු මන්ත්‍රීවරයා කීවේ ‍පොහොට්ටුව වෙනුවෙන් අදහස් දක්වමිනි.

මැතිවරණ ක්‍රමය හැදීමේ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ ඉන්න දෙසීය විසි පහ තමයි ඒක තීරණය කරන්න ඕන. ඔබතුමාට පවරලා නැති වගකීමක් ඔබතුමාගේ කර පිටට දාගන්න එපා” වර්ණසිංහ කීවේය.

“මම ඔයාට උත්තර දෙන්න ඕන නැගිටලයි” මතෛක් වේලා වාඩිවී කතා කරමින් සිටි මහින්ද දේශප්‍රිය මයික්‍රෆෝනය අසලට ගියේය.

“මම කියන්නේ ඡන්ද කැඳවන එක ඔබතුමාගේ කරට ගන්න එපා කියලයි. ඔබතුමාට ඡන්ද තියන්න කියලා බලපෑම් කීරීමේ අයිතියක් නෑ” වර්ණසිංහත් තදින් කීවේය.

“මේ ඡන්ද තියන්නේ නැතිනම් මම මේ තනතුරු දාලා යනවා. මම අම්බලන්ගොඩ ගිහින් මාළු ලෑල්ලක් දානවා. මගේ ගෝලයෝ තමයි බළපිටිය, අම්බලන්ගොඩ වැල්‍ලේ මාළු අල්ලන්නේ” මහින්ද දේශප්‍රිය කීවේ අම්බලන්ගොඩ භාෂාවෙන්මය.

“ආණ්ඩුව හිතා මතාම දැන් ඡන්ද කල් දානවා. මැතිවරණ කල් දැමීමට ජාතික හෙළ උරුමයත් උදව් කරනවා” රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.

“මැතිවරණ තියන්න බැරිනම් අපි මෙතැන ඉඳලා වැඩක් නෑ. එහෙම වුණොත් අපි ප්‍රසිද්ධියේම ඉල්ලා අස්වීමේ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙනවා” කොමිසමේ සාමාජිකයෙක් වන මහාචාර්ය රාජන් හූල් කීවේය.

“සභාපතිතුමා මයික් එක අල්ලාගෙන මට කතා කරන්න දෙන්නේවත් නැතිව තනිවම කතා කරනවා” නිශාන්ත චෝදනා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More