ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ තිබේ.

සිය පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල ආරාධනයක් සිදු කර තිබුණි.

ඒ අනුව අද(04) පෙරවරු 11.00 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාර්යාලය වෙත පැමිණ තිබේ.

අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන අතර එම වැඩසටහන මේවන විට ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සදහන් වෙයි.

පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More