දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත්කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉතාම යුක්ති සහගත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳා මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.

දිගු කාලයක් තිස්සේ පොරොන්දුවක් පමණක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ වන තෙක් සිදු නොකිරීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම යන කරුණු හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජනාව ඉදිරිපත් කිරීම යුක්ති සහගත බව ලාල් විජේනායක මහතා පෙන්වාදෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට අදාල යෝජනා ඇතුලත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (25) දා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරදෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More