මත්තල ගුවන් තොටුපළ බදු පදනම මත ලබාගැනීමට සූදානම් ඉන්දීය ආයෝජකයන් ඊයේ (03දා) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොළේ නිරීක්ෂණයකට එක්ව ඇත.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්තයන්ද එක්ව තිබේ. මාධ්‍යයට වසන් කරමින් ඉතාමත් රහසිගත අන්දමින් මෙම නිරීක්ෂණ චාරිකාව සම්බන්ධීකරණය කර තිබූ බව වාර්තා වෙයි.
ගුවන් තොටුපළ බදු පදනමින් ලබාගත් පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මෙහිදී තොරතුරු ගවේශණය කොට ඇත. මත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 405 කට බදු පදනමක් යටතේ ලබාදීමට සූදානම් වී ඇත්තේ හෙක්ටයාර 2000ක ඉඩමද සහිතව බව වාර්තා වෙයි.
මත්තල ගුවන් තොටුපළ නිර්මාණය කිරීමේදී ගුවන් තොටුපලේ සැලසුම් අංශයේ අංශ ප්‍රධානියා විශාල සේවාවක් කළ අතර ඊයේ පැමිණි ඉන්දියානු නියෝජිතයින්ට ගුවන් තොටුපලේ විස්තර ලබා දීම සඳහා එම නිලධාරියාම යොදවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යයාංශය කටයුතු කර තිබුණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...