දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරු අද (04 දා) එම පක්‌ෂයේ සාමාජිකත්වය ලබාගනිති.

එම පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය අද (04 දා) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්වේ.

මේ අතර හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සෘජු ලෙස දේශපාලන කටයුතුවලට එක්‌වෙමින් ප්‍රථම වරට බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණීම අද සිදු වෙයි.

එලෙස දේශපාලන කටයුතුවලට එක්‌වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානයේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වය පිරිනැමීමේ අවස්‌ථාවට ද එක්‌වෙයි.

විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිතය.

පක්‌ෂ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන ලෙස එම සියලු මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනාවක්‌ කර ඇත.

මෙම අවස්‌ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානය වෙත පැමිණෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More