ප‍්‍රධාන පුවත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා නොබෙදුණු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමට අවසන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයද නියෝජනය කරන නිදහස් පක්ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවීමට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබේ.

කිසිදු දේශපාලන පක්ෂයකට නිදහස් පක්ෂයේ සහාය ලබා නොදීම සඳහා සියලුදෙනාගේ සහාය ලබා ගැනීම මෙම හමුවේ අරමුණ වී ඇති අතර හමුව පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් අද (19දා) ගනු ඇති බවද වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ද සහභාගි කරවා ගැනීම සඳහා යොමු කිරීමට නියමිත ලිපි මේ වන විට සකස් කර ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More