දේශීය පුවත්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් හෙට (4) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමඟ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් අද (3) පස්වරුවේ සාකච්ඡාවක නිරත වුවත් එය අසාර්ථක වූ බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.

ඒ හේතුවෙන් තීරණය කළ පරිදි අද දිනයේදී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කළ බව ද ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන පරිපාලන සේවය, අධ්‍යාපනඥ සේවය, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් යන අධ්‍යාපනය හා සම්බන්ධ සේවාවන් 4ම මෙම වැඩවර්ජනයට එක්වන බව කී ස්ටාර්ලින් මහතා මෙලෙස අධ්‍යාපනයේ සියලු අංශ එක්වර වැඩවර්ජනයකට එක්වන්නේ ඉතිහාසයේ පළමු වරට බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More