දේශීය පුවත්

යාපනය මාණිප්පායි ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක පැවති වාර්ෂික උත්සවයකදී පුද්ගලයෙකු විසින් කොටි ඊලාම් සිතියම බවට සැකකෙරෙන පොස්ටරයක් සමගින් ගමන් කොට ඇති බවට මාණිප්පායි පොලීසියට තොරතුරු ලැබීමත් සමග පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

අනෙයිකොට්ටෙයි පත්තිනි අම්මාන් කෝවිලේ 29 වනදා සවස පැවති වාර්ෂික කුම්භාවෂේස උත්සවයේ පැවති දේව මෙහෙයදී දෙවියන් රැගෙන වීදි සංචාරය කරන අතරතුරදී පුද්ගලයෙකු විසින් එල්.ටී.ටී.ඊ ඊලාම් සිතියම පිටුපසට සිටින අයුරුත් දේවරූපය ඉදිරිපසට සිටින අයුරුත් දැක්වෙන පොස්ටරයක් රැගෙන ගොස් ඇති බවට වාර්ථා වෙයි.

මේ අනුව අදාල සිතියම සහිත පොස්ටරය රැගෙන ගිය පුද්ගලයා සොයා මාණිප්පායි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More