දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ (02) සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිංහල රාවය සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කිරීමටද එම සංවිධානය කටයුතු කරන බව උන්වහන්සේ පවසා සිටියේය.

නිල මෙහෙවර ව්‍යාපෘතිය යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප‍්‍රකාශය කළ අතර එහිදී ඇය කියා සිටියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩ නැගිය යුතු බවයි. හය හැවිරිදි පාසල් දැරියක් ඉකුත්දා දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ඒ බව පවසා සිටියේය.

එල්. ටී. ටී. ඊ. ය බලවත්ව පැවති සමයේ මීට වඩා නිදහසක් පැවති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වීමට සහ ළමයින් ආරක්ෂා වීමට නම් උතුරු හා නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් අත එසවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

සිංහල රාවය සංවිධානය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් පවසා සිටියේ රාජ්‍ය අමාත්‍යවරියකගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජනතාව දැඩි විමතියකින් බලා සිටින බවද අවධාරණයකර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More