දේශීය පුවත්

මෙරට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වසර තුනහමාරක් තිස්සේ කළේ කුමක්දැයි තමා ප්‍රශ්න කරන අතර ආණ්ඩුවේ දුර්වලයන්, අදක්ෂයන් දැන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ නැට්ටේ එල්ලෙන්නට උත්සාහ දරන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ පෙරේදා (1දා) ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය.

නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ එෆ්.සී.අයි.ඩී. එකද? නිව්යෝර්ක් ටයිම්ස් එක කියන්නේ එෆ්.බී.අයි එකද? නැහැ. ඔය පත්තරවලට ලියනකොට සමහර විට වැරැදිලා ලියන්නත් පුළුවන්. මොනවා හරි වැරැදි ක්‍රමයකට වෙන්න පුළුවන්. නමුත් අපේ එෆ්.සී.අයි.ඩී. එක අවුරුදු තුනහමාරක් මොකක්ද කළේ?

දැන් මේවා හෙව්වේ නැද්ද? යහපාලනේ ඇවිල්ලා මොකක්ද මේ රටේ ජනතාවට දීපු පොරොන්දු? මහින්ද රාජක්ෂගේ සොරකම් සොයනවා කියලා තමයි පොරොන්දු දුන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද පොහොට්ටුව බලගතු වෙලා තියෙනවා.

මේ ආණ්ඩුවේ ඉන්නේ අදක්ෂයෝ. මේ ආණ්ඩුවේ ඉන්නේ දුර්වලයෝ. මේ ආණ්ඩුවේ ඉන්නේ කොන්ද පණ නැති අය. අන්න ඒක තමයි අද වෙලා තියෙන ප්‍රශ්නය.

නිව්යෝර්ක් ටයිම්ස් එක පිටිපස්සේ ගිහින් හරියන්නේ නැහැ. අපේ එෆ්. සී.අයි.ඩී. එක තියෙනවා. අපේ සී.අයි.ඩී. එක තියෙනවා. ඕකෙන් කරන්න බැරි නම් එතකොට තවත් දවසක තව පත්තරයක ලියලා කිව්වොත් අපි ඒකත් පිළිගන්නද? එක් එක් සුද්දෝ කියනවයි කියලා පිට රටවලින් කියනවයි කියලා අපිට පිළිගන්න බැහැ.

ජනාධිපතිතුමාට හැමදාම අපි කියනවා. කඩුව වනන්නෙත් නෑ. මඩු වලිගේ වනන්නෙත් නෑ. ඒකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More