ප‍්‍රධාන පුවත්

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි.

අද(18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී එම කාරක සංඝ සභා එක්ව විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබුණි.

අස්ගිරි හා මල්වතු උභය විහාරීය පාර්ශ්වයන්හි කාරක සංඝ සභා අද පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාවේදී රැස් වූ අතර එහිදී නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

මෙම හමුව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගිහි විද්වතුන් ද සහභාගි වී තිබුණි.

එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මේ බව පැවසීය.

නව ව්‍යවස්ථාව රටට අනවශ්‍ය වූවක් බවත්, ඒකීය යනුවෙන් පැවසුවත් එයින් බුදු දහමට නිසි ස්ථානය හිමි නොවන බවත් මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසා සිටියේය.

මේ අතර පළාත් සභාවලට සම්පූර්ණ වශයෙන් මෙම ව්‍යවස්ථාව තුළින් බලය ලබා දී ඇති බව ද උන් වහන්සේ පැවසීය.

එනිසා නව ව්‍යවස්ථාවක උභය පාර්ශවීය සංඝ රතනය මෙන්ම මුළු මහත් ශ‍්‍රී ලංකාවේම බලවත් විරෝධය පළ කරන බව ද විමලධම්ම හිමියන් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More